ලෝක ළමා හා වැඩිහිටි දිනය
විශ්ව ළමා හා වැඩිහිටි දිනය යෙදී ඇත්තේ ඔත්තෝම්බර් පළමුවන දිනටයි එය අප විද්‍යාලය තුළ ඔත්තෝම්බර්යය දා පාසැල් ප්‍රධාන ශාලාවේ දී ඉතා හරසරින් පසුගිය දා පැවැත්විය. එහිදි විද්‍යාලයේ විදුහාල්පතිතුමාගේ අදහසට අනුව විශ්ව ලෝක ළමා දින තේමාව වන “ සිහින දකින අපේ ලොවක්“ මුල් කරගෙන වැඩසටහන රැසක් සංවිධානය විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාපලගම අධ්‍යාපන කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වැඩසටහන පුරාම දරුවන් වෙනුවෙන් පාසලේ රැදී සිටියේ ය.
දුවා දරුවන්ට තමන්ගේ ලෝකයේ වඩාත් වටිනාම සහ අනගිතම සම්පත් වන ගුරුවරුන් , දෙමාපියන් නැමදීම සදහා මාපිය හා ගුරුවන්දනාවක් සිදු කළ අතර නෙතඟ කඳුලක් ස්පර්ශ නොවුවෙක් නොමැති විය මාපිය වන්දනාවට පසු විද්‍යාලීය ප්‍රාථමික අංශයේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත වේදිකාව භාර විය.
පළමුවන ශ්‍රේණියේ සිසුන් හාස්‍ය උපදවන නාට්‍යයක් ඉදිරිපත් කරන ලදී. අපට මේ කෙටි නාට්‍යයේ හමු වු බම්බු වෙදා නම් වෙද මහතාගේ දස්කම් පැමිණ සිටි සම්භාවනීය පිරිසගේ ප්‍රශංසාවට බඳුන් විය. දෙවන හා තුන්වන ශ්‍රේණිවල සිඟිත්තන් අලංකාර නර්තනාංගත් අනෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නාට්‍ය කීපයක් ඉදිරිපත් කරනු ලැබුණි. ප්‍රාථමික අංශයේ ගුරුතුමියක් හා ද්විතීක අංශයේ ශිෂ්‍යාවක අපුර්ව නර්තනයක යෙදණි. එය ගුරුවරයා හා ගෝලයාගේ සංකලනය විශිෂ්ට අන්දමින් ප්‍රේක්ෂකයන්ට හැඟවී ය.
ප්‍රාථමික අංශ ගුරු මව්වරුන් නර්තන කීපයක් ඉදිරිපත් කිරිමෙන් පසු ද්විතික අංශයේ ගුරු මව්පියන් සමුහ ගායනා කීපයකුත්, නර්තන කීපයකුත්, සංගීත භාර ගුරුතුමිය විශේෂ ගායනාවක් ද සිදු කර අතර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගීතයක් ගායනා කළාය.
මෙවන් විශේෂිත අංගවලට අමතරව දරුවන් ප්‍රීතිමත් කරවීමට පැමිණි ජනක නාගහවත්ත මහතා, කපිල දේවප්‍රිය, දනුෂ්ක ඉෂාර, පි.ජි. අනුර, චාමර සෙනවිරත්න යන සම්පත් දායක පිරිසක් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය, සුභ පතන්නන්, පාසල් සංවර්ධන සමිති සාමාජික පිරිසගේ නොමඳ සහයෝගය හිමි වී තිබිණි.
පාසලේ සිසුන්ට පමණක් නොව ගුරුභවතුන් ද විනෝදයෙන් පිනවීමට විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් රැසක් හා ත්‍යාග ලබා දීම සිදු විය. පාසලේ සියලුම දරුවන් සඳහා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයනත් අනධ්‍යයන කාර්යමණ්ඩලය එක්ව එදින සියලු දරුවන් සඳහා ආහාර වේලක් සහ සමරු ත්‍යාග ලබා දීම ද සිදු විය.
ඉතා චාම් හා අභිමානවත් ලෙස දරුවන් වෙනුවෙන් සංවිධානය වු මෙවර ළමා දින උළෙල රේවතයේ ඉතිහාසය තුළ රන් අකුරින් ලියැවෙන තවත් එක් සුන්දර මතකයක් විය.
කල්පනී ගයාත්‍රි