විදුහල්පති පණිවිඩය
ගා/උනන්විටිය ශ්‍රී රේවත මහා විද්‍යාලය

ක්‍රමක්‍රමයෙන් විශිෂ්ඨත්වය කර පියමං තනන අප විද්‍යාලය දකුණු පලාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාප, පළාත් හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක්ට හිමිකම් කියන අතර පාසලෙන් බිහිවූ කීර්තිමත් හා ඉහළ නිලතනයන් හොඹබවන දීප්තිමත් ආදි ශිෂ්‍යයන් රාශියකි. වර්තමානය වන විට එවුන් සමාජයේ හෙට දවස වෙනුවෙන් කැපවෙන සුවිශේෂි මෙහෙවරක් ඉටු කරමින් සිටිති.
අප පාසල තොරතුරු තාක්ෂණික අංශයෙන් විශාල දියුණුවක් ක්‍රමයෙන් අත්පත් කර ගනිමින් සිටියි. තාක්ෂණික අංශයෙන් ක්‍රමයෙන් ඉදිරියට යන සමාජයට අනුගත වෙමින් ශිෂ්‍යයින් ද තාක්ෂණයට දක්වන දක්ෂතාවය හ ලැදියාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතියි.
අප විද්‍යාලය සමග සබැදිව පවතින විවිධ පාර්ශවයෙන් සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවනු නොඅනුමානය. අප විද්‍යාලය සමග සම්බන්ධ සියලු පාර්ශවයන් අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුන මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති.
ගා/ උන්නවිටිය ශ්‍රි රේවත මවි.