
ක්‍රිස්තියානි ධර්මය වැලඳගත් දරුවන් සඳහා ශිල්ප ශාස්ත්‍රය ලබා දෙන විද්‍යාස්ථානයක් මිෂනාරි පාසලක් වශයෙන් උනන්විටිය ගමේ මංසන්දියේ ආරම්භ කර තිබිම හේතුවෙන් දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ගංකන්ද වත්ත භූමියේ ළමයින් හතර පස් දෙනෙකු ඒකරාශී කර ගනිමින් ගමට ආදරය කල ගම්වැසියන් පුංචි ශිල්ප තක්සලාවට මුලා ආරම්භය තබන ලදී.
ගමේ ගැමියන්ගේ ප්‍රබල සන්නිවේදන මාධ්‍ය වු කවි කොළය හරහා මිෂනරි පාසලට ලැබි තිබිණු බහුතර වරප්‍රසාද පිළිබඳවත්,ගමේ සිංහල පාසලේ අගය පිළිබඳවත් වර්ණනය හේතුවෙන් දිනෙන් දින සිංහල පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් දර්ශනය විය. පොල් අතු සෙවිලිකල බාගෙට තැනු මැටි බිත්ති සහිත මඩුවක ඉතා වෙහෙස මහන්සියෙන් ජයග්‍රාහීත්වයේ දොර ගුළු විවර කරමින් පාසල ආරම්භ වි ඇත.
පල්ලියේ විරුද්ධත්වය මධ්‍යයේ පාසලේ කටයුතු එම භූමිය තුල සිදු කිරිමේ ගැටලුකාරි වාතාවරණය අභිමුව ක්‍රි.ව. 1915 දී වර්තමාන ප්‍රාථමික අංශය පැවැත්වෙන භූමියට පාසල ගෙන ඒමට සිදුවිය. ඌරල රේවත හිමියන්ගේ පුර්ණ අධීක්ෂණය හා මැදිහත්විමේ ප්‍රතිඵලයක් ලෙස පාසලට අවශ්‍ය පසුකම් ක්‍රමයෙන් සපයා ගැනීමට මග හසර විවර විය.
වර්ෂ 1935 පමණ වන විට E.R.ධර්මදාස මහතා ( තලාගොඩ ලියන මහත්තයා) හා ඌරල රේවත හිමියන්ගේ දැඩි පරිශ්‍රමයේ සාර්ථකත්වය මධ්‍යයේ ක්‍රමක්‍රමයෙන් පාසලේ දියුණුව අත්පත් කර ගැනිම සිහිනයක් නොවිය. එම පාසලේ මුල්ම ගුරුවරයා J.D.S. විජේරත්න මහතා ය. ඔහු තෙලිකඩ ඉස්කෝලේ මහත්තයා ලෙස ගැමියන් ව්‍යවාහාර කරනු ලැබෙති. කිසියම් වේතනයක් නොගැනීමෙන් අමිල සේවයක් සැපයු එතුමන් පාසලෙන් අස් වි යන බවට කන වැටුණු සිදුවීමේ දී ඌරල රේවත හිමියන් තම කහපාට සිවුර උගස් කර ගුරුතුමාට පඩි ලබාදිමට තරම් නිහතමානී විය. දැඩි අධිෂ්ඨානය, කැපවිම හා ධෛර්ය හේතුවෙන් ඌරල රේවත හිමියන්ට ගෞරවයක් ලෙස සලකා උනන්විටිය ශ්‍රී රේවත විදුහල ලෙස පාසලට නම් තබන ලදී.
අනගාරික ධර්මපාල තුමා විසින් (බෞද්ධ) පාසල්වලට පරිපාලන කටයුතු කරගෙන යාමට බෞද්ධ පරම විඥානාර්ත සමාගම පිහිටවනු ලැබිම හේතුවෙන් ලද උපකාර මධ්‍යයේ පාසලේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනිමට හැකි විය. 1938 වර්ෂය වන විට දරුවන් 243 ක් වෙනුවෙන් ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් උනන්විටිය රේවත විදුහල වර්ෂ 1968 වන විට ශීෂ්‍ය ප්‍රජාව 402 ක් හා ගුරු සංඛ්‍යාව 12 ක් දක්වා වර්ධනය කරගත හැකි විම ප්‍රබල ජයග්‍රාහණයකි.
උනන්විටිය මහ විදුහලේ ස්වර්ණමය යුගය 1965 – 1970 කාලයකි. ක්‍රි.ව. 1970 දී හෙන්ද්‍රි දිසානායක මැතිතුමා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අක්කර 10 ක භූමි ප්‍රමාණයක් පාසල වෙනුවෙන් ප්‍රදානය කරන ලදී.
එවකට විදුහල්පති සිරිපාල ඈපා මහාතා පාසලේ දියුණුවට අවශය කටයුතු සම්පාදනය කළේය. පාසලේ පළමු නියෝජ්‍ය විදුහල්පති වුයේ විල්සන් සිරිලගොඩ මැතිතුමාය. අධ්‍යාපන, ක්‍රිඩා හා වෙනත් ක්‍රියාකාරකම් මගින් ප්‍රදේශයේ සියලුම විදුහල් අභිබවා යන තත්වයට විදුහාල ගෙන ඒම තුළින් විද්‍යාලයට ප්‍රවිශ්ට වන ශිෂ්‍ය ප්‍රමාණය දිනෙන් දින වර්ධනය විය.
මෙ සමග වන විට විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව 1500 කට වඩා වැඩිවිය. ශ්‍රී ලංකාවේ පාසල් අතරින් කාඩදාසි නිෂ්පාදනය කරන පාසලක් බවට උනන්විටි රේවත විද්‍යාලය පරිවර්තනය විය.